කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ EPF මුදල්

කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ EPF මුදල්

කොටස් වෙළඳපොළේ ආයෝජනය කළ EPF මුදල්

කර්තෘ Staff writer

23 May, 2019 | 9:38 am

COLOMBO (News 1st) : සේවක අර්ථසාධක අරමුදලේ , මුදල් යළිත් කොළඹ කොටස් වෙලදපොලේ ආයෝජනය කිරීම අරඹා ඇතැයි වෙලදපොල ආරංචි මාර්ග තහවුරු කළා.

සේවක අර්ථසාධක අරමුදලේ, මුදල් යළිත් කොළඹ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම අරඹා ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග තහවුරු කළේ ය.

ඒ අනුව පෞද්ගලික ජංගම දුරකථන සමාගමක කොටස් මිලියන 55 ක් පසුගිය 17 වැනිදා රුපියල් මිලියන 495 කට මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

2015 සිට සේවක අර්ථසාධක අරමුදල්, කොළඹ කොටස් වෙළඳපොළෙන් කොටස් මිලදී ගැනීමට යෙදවීමෙන් වැළකී සිටියේ ඊට පෙර ලබාගත් කොටස්වලින් ආදායමක් උපයා නොගත් නිසයි.

මහබැංකු බැඳුම්කර වංචාවෙන් පසුව මතු වූ සංකීර්ණතා මත සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම අත්හිටවීය.

2015 සහ 2016 යන වසරවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම නිසා රුපියල් මිලියන 8449 ක් එම අරමුදලට අහිමි වී ඇති බව මූල්‍ය වාර්තාවලින් හෙළිවේ.

මේ අතර කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද දිනයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල්, කොටස් වෙළඳපොළේ ආයෝජනය මේ වර්ධනයට හේතුව ද?

කොටස් මිල සම්බන්ධයෙන අයුතු ලෙස මැදිහත්වීම තුළින් මතුවන පන්පිං ඇන්ඩ් ඩම්පිං ලෙස හඳුන්වන ක්‍රියාවලියට පාර කැපීමක් මෙයින් සිදුවන්නේ ද?

සේවක අර්ථසාධක අරමුදල් යනු වැඩ කරන ජනතාව ඉතුරු කළ මුදල්.

එය රජයේ බුදලයක් නොවෙයි. රජයේ මේ අලුත් කොටස් වෙළඳපොළ ආයෝජන උපක්‍රමවලින් අක්‍රමිකතා සිදුවී සේවක අර්ථසාධක අරමුදලේ, මුදල් පාඩුවුවහොත් ඊට වගකිවයුතු අයට මූල්‍ය අපරාධ චෝදනා ගොනු කරන්නේ ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]