ආරක්ෂක අංශයේ දීමනා ඉහළට

ත්‍රිවිධ හමුදා දීමනා ඉහළ දැමේ

by Staff writer 23-05-2019 | 12:53 PM
COLOMBO (News 1st) : ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරින්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුපට අමතරව නිලධාරින් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 23,231 දක්වා ද , සෙසු නිලයන්ගේ මාසික දීමනාව රුපියල් 19,355 දක්වා ද වැඩිකර ඇති බවයි. ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන ගෙවල් කුලී දිමනාව ද දෙගුණ කර තිබේ.