කුරුණෑගල රෝහලේ ගොඩ ගැසුණු කුණු ඉවත් කෙරේ

JUST IN : දින 6ක් තිස්සේ ගොඩ ගැසුණු කුරුණෑගල රෝහලේ කුණු ඉවත් කෙරේ

by Staff writer 22-05-2019 | 5:58 PM
COLOMBO (News 1st) : කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව මේ වන විට පියවර කර තිබේ. දින 6 ක සිට එම රෝහලේ කැළි කසළ ඉවත් කිරීම නතර තර තිබිණ. ඒ, කුරුණෑගල නගරාධිපතිවරයාට රෝහලට ඇතුළුවීමට අවසර නොදීම නිසා ඇති වු ගැටලුවක් මුල් කර ගනිමිනි. මේ තත්ත්වය මත රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට පත් වූ අතර‍ අප ඊයේ මෙන්ම අද දිනයේත් මෙහි වරද පෙන්වා දෙමින් දිගින් දිගටම වාර්තා කළේ ය. https://www.youtube.com/watch?v=HNoYS0ZSDJw