රාජ්‍ය ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂාවට වැඩපිළිවෙළක්

සයිබර් ප්‍රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 22-05-2019 | 7:38 AM
COLOMBO (News 1st) - සයිබර් ප්‍රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පැවසුවේ, ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දෙමින් ආරක්ෂාව දැඩි කර ඇති බව ය. පසුගිය ඉරිදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට වෙබ් අඩවි 13කට බලපෑම් එල්ල වූ අතර ඒ අතර කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.