වැල්ලම්පිටිය OICට ස්ථාන මාරුවක්

වැල්ලම්පිටිය OICට ස්ථාන මාරුවක්

by Staff writer 22-05-2019 | 12:02 PM
COLOMBO (News 1st) - වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම මාරුවීම කළ බව ය. ඒ අනුව ඔහු ගාල්ල කොට්ඨාසයට මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර අප්‍රේල් 21 වන දා ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයින් 9 දෙනෙකුට ඇප ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියට එරෙහිව විවිධ චෝදනා එල්ල විණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක ය.