මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 32කට ඇප

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 32 දෙනෙකුට ඇප

by Staff writer 22-05-2019 | 12:36 PM
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමෙන් අනතුරුව අයුතු ජනරාශියක සාමාජිකයින් වී ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට සැලසුම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ පසු වූ සැකකරුවන් 32 දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේ ය. ඒ, සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත එම පිරිස මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද කොන්දේසියක් පනවනු ලැබී ය. සිද්ධියට අදාළ නඩුව යළි කැඳවීම අගෝස්තු 28 වන දාට කල් තැබිණි.