"ප්‍රභූ වාහන වෙනුවෙන් මාර්ග වසා දමන්න එපා..!"

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට අවහිර වන සේ මාර්ග වසන්න එපා - ජනපතිගෙන් උපදෙස්

by Staff writer 22-05-2019 | 6:00 PM
COLOMBO (News 1st) : ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මේ පිළිබදව අවධානය යොමු කළ බවයි. ඒ අනුව ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේදී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරීන් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට උපදෙස් දෙන ලෙසත් ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.