ඇමරිකානු ඩො. බි. 2ක් රැස්කර ගැනීමේ සැලසුමක්

දෙසැම්බර්යට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 2ක් රැස්කර ගැනීමේ සැලසුමක්

by Staff writer 22-05-2019 | 10:50 PM
COLOMBO (News 1st) :  මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 2 ක මුදලක් රැස්කර ගැනීමට බලා පොරොත්තුවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. සංචිත මගින් හෝ ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනසකින් සිදුවිය හැකි බව ඔහු නිව්ස් ෆස්ට් සමග සඳහන් කළේ ය. ලබන සතියේ ලෝක බැංකු නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් බිලියන 2 ක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩොලර් බිලියනයක් ලබාදීම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි මහබැංකු අධිපතිවරයා පැවසී ය. මීට පෙර සිදුකර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන මෙම මුදල් ලබාදෙනු ඇති. https://www.youtube.com/watch?v=lCfEPp3eESM