ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ආරවුලක් දුරදිග යාමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 22-05-2019 | 10:35 AM
COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩැල්ල කම්බි තොටුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ අරවුලකදී සිදු කළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ය. මිය ගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල ඔරුගොඩපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. ගැටුමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය.