අසාද් සාලි ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවීමට යයි

අසාද් සාලි ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවීමට යයි

by Staff writer 22-05-2019 | 10:34 PM
COLOMBO (News 1st) : අමාත්‍ය රවී කරුණානායක සහ ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූහ. බන්ධනාගාරයට පැමිණි පිරිස පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවී කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා එහිදී මෙලෙස අදහස් පළ කළේ ය.
"අපි ඉතාමත් ඉක්මනින් ඥානසාර ස්වාමීන්වහන්සේ නිදහස්වෙලා එයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිතුමාටත් මේ ගැන කිහිපවරක් ප්‍රකාශ කෙරුවා.ස්වාමින් වහන්සේ එදා ප්‍රකාශ කරපුදේවල් අද ඇත්තවෙලා තියෙනවා.මේ රටේ සියලුම ජාතීන්ට එකට නැගී සිටින්න අවස්ථාවක් ඕනේ.අපි බෙදිලා මේරට ඉස්සරහට ගෙනියන්න බෑ.සියලුදෙනා එක්කහුවුනොත් විතරයි පුළුවන්.ජාතීන් අතර සමඟියක් ඇතිවෙන්න ඕන.
එහිදී මාධ්‍යවේදීන් ආණ්ඩුකාරවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කළේ ය. ප්‍රශ්නය - ඔබතුමත් යම් අවස්ථාවල උන්වහණ්සේ විවේචනය කලා.අද ඒ තත්ත්වය කොහොමද දකින්නේ? පිළිතුර - අපිට තිබුණේ ආගමික ප්‍රශ්න විතරයි.වෙන මුකුත් ස්වාමින් වහන්සේ එක්ක ප්‍රශ්න තිබුනෙ නෑ.සාකච්චා මාර්ගයෙන් අපි ඒවා විසඳගත්තා. https://www.youtube.com/watch?v=IK_PtCdS3JU