තේරීම් කාරක සභා යෝජනාව අද පාර්ලිමේන්තුවට

අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තන් සොයා බැලෙන තේරීම් කාරක සභා යෝජනාව අද පාර්ලිමේන්තුවට

by Staff writer 22-05-2019 | 9:22 AM
COLOMBO (News 1st) - පසුගිය අප්‍රේල් 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා ඒ හා බැඳුණු ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ අනුව අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් අනතුරුව හෙට දිනයේ කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීමට නියමිත ය. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ අදාළ කමිටුව සඳහා සාමාජිකයින් 15 දෙනෙකු පත් කිරීමට නියමිත බව ය. කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා යි.