මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල් ඝාතනය කෙරේ

අකුරැස්සේ මත්පැන් වැටලීමකට ගිය කොස්තාපල් වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 22-05-2019 | 8:33 PM
COLOMBO (News 1st) : අකුරැස්ස , ඌරුමුත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 5.00 ට පමණ අකුරැස්ස පොලිසියේ කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ දිද්දෙණිය කොළඹගේවත්ත පදිංචි 30 හැවිරිදි කසුන් සම්පත් නමැති පොලිස් කොස්තාපල්වරයෙකි. වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.