මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 32 දෙනෙකුට ඇප

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 32 දෙනෙකුට ඇප

මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 32 දෙනෙකුට ඇප

කර්තෘ Staff writer

22 May, 2019 | 12:36 pm

COLOMBO (News 1st) – මිනුවන්ගොඩ නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමෙන් අනතුරුව අයුතු ජනරාශියක සාමාජිකයින් වී ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට සැලසුම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ පසු වූ සැකකරුවන් 32 දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේ ය.

ඒ, සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත එම පිරිස මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද කොන්දේසියක් පනවනු ලැබී ය.

සිද්ධියට අදාළ නඩුව යළි කැඳවීම අගෝස්තු 28 වන දාට කල් තැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]