අද ප්‍රදේශ රැසකට තද වැසි

අද ප්‍රදේශ රැසකට තද වැසි

අද ප්‍රදේශ රැසකට තද වැසි

කර්තෘ Staff writer

22 May, 2019 | 7:22 am

COLOMBO (News 1st) – ඉදිරි දිනවලදී දිවයිනේබොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම මැයි මස 25 සහ 26 යන දිනයන්වල බලාපොරොත්තු වුවත් ඒ සඳහා සුදුසු දේශගුණ සාධක මෙතෙක් දිවයින ආශ්‍රිත වායු ගෝලයේ හටගෙන නොමැති බව ය.

මේ හේතුවෙන් නිරිත දිග මෝසම පමා විය හැකි බව අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]