ෂැන්ග්‍රිලා ප්‍රහාරය:අයෙක් සහරාන් බව තහවුරු වෙයි

ෂැන්ග්‍රිලා හෝටලයේදී ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙකු සහරාන් බව DNA වාර්තාවෙන් තහවුරු වෙයි

by Staff writer 21-05-2019 | 4:06 PM
COLOMBO (News 1st) - ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් සහරාන් බව ඩී.එන්.ඒ. වාර්තා තහවුරු කර තිබේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනවලින් පසු ඒ බව තහවුරු වූ බව ය. අදාළ පරීක්ෂණය සඳහා සයින්දමරුදුහිදී ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව සිටින සහරාන්ගේ දියණිය සහ භාර්යාවගෙන් ලබා ගත් සාම්පල උපයෝගී කර ගත් බව ද එම නිලධාරියා අනාවරණය කළේ ය. මේ සම්බන්ධයෙන් වන ඩී.එන්.ඒ. වාර්තාව මේ වන විට සූදානම්ව ඇති බවත් එය ඕනෑම අවස්ථාවක සී.අයි.ඩි.ය භාරයට ලබා දීමට පියවර ගන්නා බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.