ශ්‍රාවස්තිපුර පීලි පැන්න අනෙක් එන්ජිමත් ගොඩගනී

ශ්‍රාවස්තිපුරදී පීලි පැන්න අනෙක් එන්ජිමත් ගොඩගනී

by Staff writer 21-05-2019 | 11:18 AM
COLOMBO (News 1st) : පසුගියදා ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ රැගෙන ගිය අනෙත් එන්ජිමද ඊයේ රාත්‍රියේ ගොඩ ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේද සහය ඇතිව දින ගණනක් පුරා මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. පසුගිය 13 වැනිදා කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ ඉන්ධන රැගත් දුම්රිය අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයේ දී දුම්රිය පීලි පැනීමකට ලක්වූ අතර, එහි දී එන්ජින් දෙකක් පීලි පැනීමට ලක්විය. දුම්රිය දෙපාර්තමේතුවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා එක් එංජිමක් 16 වැනිදා රාත්‍රියේ රාත්‍රී 11 පීළි ගත කළද ඉතිරි එන්ජිම පීළිගත කිරීම අපහසුවූයේ මඩ ගොහොරු සහිත ප්‍රදේශයක් වීම හේතුවෙනි. යුද්ධ හමුදාවේ විශේෂ බර වාහන හා නිලධාරීන්ගේ සහාය මෙම කාර්යයට හිමි විය.