හෙරොයින් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

මීතොටමුල්ල , පෑලියගොඩ සහ වීරගුලදී හෙරොයින් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

by Staff writer 21-05-2019 | 11:37 AM
COLOMBO (News 1st) : ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් හෙරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීතොටමුල්ල , පෑලියගොඩ සහ වීරගුල ප්‍රදේශවල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. වැල්ලම්පිටිය , මීතොටමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය , ග්‍රෑම් 4 යි මිලිග්‍රැම් 900කි. පොලීසිය පැවසුවේ, 41 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මේ අතර පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ , මහායාය වත්ත මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 31 , 23 හැවිරිදි සැකකරුවන් අද , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. වීරගුල දෙමටලන්ද ප්‍රදේශයේදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටලන් ද ප්‍රදේශයේ පදිංචි 28 සහ 32 හැවිරිදි අදාළ සැකකරුවන් සතුව තිබී , සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 5කි.