මා ඔය අසල කැළෑවකින් සිම් කාඩ් 1,475ක් සොයා ගැනේ

මා ඔය අසල කැළෑවකින් සිම් කාඩ් 1,475ක් සොයා ගැනේ

by Staff writer 21-05-2019 | 10:35 AM
COLOMBO (News 1st) : කොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසල කැළෑ ප්‍රදේශයේ තිබී සිම් කාඩ්පත් 1,475ක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පෞද්ගලික සමාගමකට අයත් එම සිම් කාඩ්පත් පොහොර උරයක දමා තිබිය දී සොයා ගත් බවයි. අදාළ සිම් කාඩ්පත් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.