මඩකලපුව අධ්‍යාපන ආයතනය ගැන කෝප් කමිටුවේත් අවධානය

මඩකලපුව අධ්‍යාපන ආයතනය ගැන විමසන්න නිලධාරීන් කෝප් කමිටුව හමුවට

by Staff writer 21-05-2019 | 11:09 AM
COLOMBO (News 1st) : මඩකළපුවේ ඇති අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 4ක ප‍්‍රධානීන් අද පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ, පස්වරු 2.30ට එම කැඳවීම සිදුකර ඇති බවයි. ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි, ඔහු සඳහන් කළේ ය. සභාපතිවරයා පැවසුවේ, මඩකලපුව විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය විශ්ව විද්‍යාලයක් ද, නැතහොත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ද, නැතිනම් වෙනත් ආයතනයක් ද යන්න මූලිකව විමර්ශනය කරන බවයි. මීට අමතරව එයට මුදල් ආයෝජනය කර තිබෙන්නේ කවු ද, කෙසේ ද, එහි හිමිකාරිත්වය තිබෙන්නේ කාට ද, රාජ්‍ය ආයෝජනයක් ද, පෞද්ගලික ආයෝජනයක් ද, නැත්නම් මිශ‍්‍ර ව්‍යාපෘතියක් ද, රාජ්‍ය මැදිහත්වීමක් තිබේ නම් කොන්දේසි මොනවා ද, මෙහි ඉගැන්වෙන පාඨමාලා මොනවා ද, ඉඩම් සපයා තිබෙන්නේ කෙසේ ද යනාදි ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරෙනු ඇති.