පාර්ලිමේන්තුව අද 1ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද 1ට රැස්වෙයි

by Sagarika Chathumali 21-05-2019 | 7:13 AM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සම්බන්ධයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තා කැඳවීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව මගින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. පාර්ලිමේන්තු ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පාලනාධිකාරිය සඳහන් කළේ ය. මේ අතර අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ක්‍රමෝපාය සංවර්ධනය පනත යටතේ නියමක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. මේ අතර අද පෙරවරුවේ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී දැනට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් ව තිබෙන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසී ය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවසුවේ, අද දිනයේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාර දෙන බවයි. මීට අමතරව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීරණයේදි පැවැත්විමට නියමිත අතර එහිදී මෙම විශ්වාසභංග යෝජනා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.