ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය කතානායකට භාරදෙයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට භාරදෙයි

by Staff writer 21-05-2019 | 12:38 PM
COLOMBO (News 1st) : ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අද කතානායක කරු ජයසුරිය මහතා වෙත භාර දෙනු ලැබී ය. විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙනු ලැබුවේ, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ සෙසු මන්ත්‍රී කණ්ඩායමයි. අප්‍රේල් 21 වන දා ත්‍රස්ත ප්‍රහාර හා ඉන් අනතුරුව ඇතිවු ගැටුම් පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් , ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.