අවශ්‍ය තරම් මූල්‍ය ද්‍රවශිලතාව පවතිනවා- මහ බැංකුව

අවශ්‍ය තරම් මූල්‍ය ද්‍රවශිලතාව පවතින බව මහ බැංකුව කියයි

by Staff writer 21-05-2019 | 11:05 AM
COLOMBO (News 1st) : මෙරට ආර්ථිකයට අවශ්‍ය තරම් මූල්‍ය ද්‍රවශිලතාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්‍යඨ නිලධාරියෙකු සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ඉදිරි සති කිහිපයේ ලැබෙන ආර්ථික දත්ත මත පදනම් කටයුතු කරන බවයි. ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ, මෙරට ආර්ථිකයට වු බලපෑම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විශේෂ අධ්‍යනයක් ද ආරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීම මේ වන විට සිදුවේ. මෙම කටයුතු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සහායෙන් ක්‍රියාත්මක බව ද මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මූලික අවබෝධයක් මාසයක කාලයක් තුළ ලබාගැනීමට මෙම අධ්‍යයනයෙන් අපේක්ෂා කරන බවයි.