ෂැන්ග්‍රිලා හෝටලයේදී ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙකු සහරාන් බව DNA වාර්තාවෙන් තහවුරු වෙයි

ෂැන්ග්‍රිලා හෝටලයේදී ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙකු සහරාන් බව DNA වාර්තාවෙන් තහවුරු වෙයි

ෂැන්ග්‍රිලා හෝටලයේදී ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙකු සහරාන් බව DNA වාර්තාවෙන් තහවුරු වෙයි

කර්තෘ Staff writer

21 May, 2019 | 4:06 pm

COLOMBO (News 1st) – ෂැන්ග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ දෙදෙනාගෙන් එක් අයෙක් මොහොමඩ් සහරාන් බව ඩී.එන්.ඒ. වාර්තා තහවුරු කර තිබේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනවලින් පසු ඒ බව තහවුරු වූ බව ය.

අදාළ පරීක්ෂණය සඳහා සයින්දමරුදුහිදී ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව සිටින සහරාන්ගේ දියණිය සහ භාර්යාවගෙන් ලබා ගත් සාම්පල උපයෝගී කර ගත් බව ද එම නිලධාරියා අනාවරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් වන ඩී.එන්.ඒ. වාර්තාව මේ වන විට සූදානම්ව ඇති බවත් එය ඕනෑම අවස්ථාවක සී.අයි.ඩි.ය භාරයට ලබා දීමට පියවර ගන්නා බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]