English
தமிழ்
කර්තෘ Staff writer
21 May, 2019 | 11:37 am
COLOMBO (News 1st) : ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් හෙරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, මීතොටමුල්ල , පෑලියගොඩ සහ වීරගුල ප්‍රදේශවල එම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.
වැල්ලම්පිටිය , මීතොටමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය , ග්‍රෑම් 4 යි මිලිග්රැම් 900කි.
පොලීසිය පැවසුවේ, 41 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මේ අතර පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ , මහායාය වත්ත මාර්ගයේදී හෙරොයින් ග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
31 , 23 හැවිරිදි සැකකරුවන් අද , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
වීරගුල දෙමටලන්ද ප්‍රදේශයේදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටලන් ද ප්‍රදේශයේ පදිංචි 28 සහ 32 හැවිරිදි අදාළ සැකකරුවන් සතුව තිබී , සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්රැම් 5කි.
06 Dec, 2019 | 06:55 AM
05 Dec, 2019 | 10:04 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS