‘ද ජැපෑන් ටයිම්ස්’ පුවත්පත ගම්මැද්ද පිළිබඳ වාර්තා කරයි

‘ද ජැපෑන් ටයිම්ස්’ පුවත්පත ගම්මැද්ද පිළිබඳ වාර්තා කරයි

‘ද ජැපෑන් ටයිම්ස්’ පුවත්පත ගම්මැද්ද පිළිබඳ වාර්තා කරයි

කර්තෘ Staff writer

21 May, 2019 | 5:01 pm

COLOMBO (News 1st) – ජපානයේ වැඩිපුරම භාවිතාවන ඉංශ්‍රිසි පුවත්පන වන ‘ද ජැපෑන් ටයිම්ස්’ මගින් ගම්මැද්ද වැඩසටහන ලෝකයට ආදර්ශයක් සපයන බව දක්වා ඇත.

මෙම ගම්මැද්ද පිළිබඳ අදහස සටහන් කර තැබුවේ ජී7 සමුළුවේ සහකාර නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රාජ්‍ය හා බාහිර කටයුතු, ජපානයේ ස්ථාපනය කරන ලද මැරීන් භටයින්, ඔකිනාවාහි අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ නීතිය හා දේශපාලනය පිළිබඳ ආයතනයේ මෙන්ම ටෝකියෝහී හොසෙයි විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යත්වධාරියෙකු ලෙස කටයුතු කරන ආචාර්ය රොබට් ඩී. එල්ඩ්‍රිජ් මහතා විසිනි.

ඔහුගේ සම්පූර්ණ ලිපියේ සිංහල පරිවර්ථනය මෙසේය…

ශ්‍රී ලංකාව ලෝකයට ලබාදෙන ආදර්ශය

අප්‍රේල් මාසයේ යෙදුණු පාස්කු දිනයේදි ලංකාව පුරා ප්‍රධාන පෙලේ හෝටල් දෙකකට හා කතෝලික දේවස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරය ලොවම කම්පාවට පත් කළේය.

සැලසුම් සහගතව දියත් කළ මෙම ප්‍රහාරයෙන් ජපානයේ මවක ඇතුළුව තවත් පුද්ගලයින් 279කගේ ජීවිත බිලිගත් අතර පුද්ගලයින් සිය ගණනකට අධික පිරිසකට තුවාල සිදුවිය.

මෙම ප්‍රහාරය සිදු වී මිනිස් ජන ජීවිත යථා තත්ත්වයට පත් වීමටත් පෙර ‘ෆොනී’ නමැති සුළි කුණාටුව ශ්‍රී ලංකාව වෙත තද වැසි හා සුළං ඇතිකර ගංවතුර තත්ත්වයක් ඇති කළේය.

වාසනාවකට ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව අත්දැකීම් බහුල විම නිසා ජීවිත හානි වළක්වා ගැනීමට ඔවුන් සමත් විය.

ආසියා ශාන්තිකර සහයෝගිතා සංවිධානයේ මූලස්ථානය ජපානයේ ස්ථාපිත කර ඇති අතර එහි උපදේශකයෙකු ලෙස කටයුතු කරන මාහට මාර්තු මාසයේදි මෙම ඛේදවාචකයන්ට පෙර එම සංවිධානයේ ලාංකික මිතුරන් හා සගයින් කිහිපදෙනකු හමුවීමේ භාග්‍ය උදාවිය.

විදේශ අමාත්‍යාංශයේ ද සහය ඇතුව අප පිලිපීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගි වෙමින් සිටියදී අප හමුවිය.

ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකුවන ආපදා කළමනාකරණය සම්බන්ධ විශේෂඥයෙකු සහ ගම්මැද්ද නමැති ප්‍රජාසත්කාර සංවිධානයක සාමාජිකයෙකු වන යසරත් කමල්සිරි මහතා මින් එක් අයෙකු විය.

ඔහු සමග ගතකළ සතියක කාලයක තුළදී ගම්මැද්ද සංවිධානයට සම්බන්ධ තරුණ කොටස් පිළිබඳව තොරතුරු සහ වීඩියෝ හුවමාරු කරගත් අතර මා ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ද ලබා දුන්නේය.

එම සංවිධානයේ උද්යෝගය හා උනන්දුව දුටු මට අවුරුදු 25ක සිවිල් අරගලයකින් බැටකෑ හා වර්තමාන ස්වභාවික උපද්‍රවවලට ලක්වන (2004 සුනාමි ව්‍යසනය) මෙම රට ගැන ධනාත්මක බලාපොරොත්තුවක් ඇතිවිය.

ජපානයේ සිටින අපට වෙනත් රටවල්වලින් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇත.

විශේෂයෙන් පිලිපීනය හා ශ්‍රී ලංකාව ව්‍යසනයකට මුහුණ දෙන ආකාරය, සිවිල් හා හමුදා කොටස් අතර ඇති සහයෝගය මින් විශේෂ තැනක් ගනී. නමුත් තරුණ කොටස් විසින් රට හා ප්‍රජාව යහපත් කිරීමට දරන ප්‍රයත්නය ජපානය තුළද ඇති වෙනවා දැකීම මාගේ පැතුමයි.

1972 ප්‍රථමෙයන් ‘සිලෝන්’ නමින් හැඳින්වූ මෙම දූපත ඉන්දියාවට සෘජුව පහතින් පිහිටා ඇති අතර ඇතැම්විට ඉන්දියාවේ කඳුළු බිංදුව ලෙස ද හඳුන්වයි. එය භූමි ප්‍රදේශයෙන් කුඩා වුවද පෘථිවියේ සිටින විශාලම සත්ව කොට්ඨාශයන්ට නවාතැම්පොලක් වේ.

එය පළාත් 9කට, දිස්ත්‍රික්ක 25කට බෙදා ඇති අතර කොළඹ එහි අග නගරය වන අතර එය විශාලතම නගර වේ. එහි ප්‍රධානතම අපනයන බෝගය තේ වන අතර සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට වැදගත්වන අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊට වූ දැඩි බලපෑම තාවකාලික වේයැයි අප සිතමු.

ශ්‍රී ලංකාව බහුජනවාර්ගික රටක්වන අතර එහි විවිධ ආගම් කොටස් පවතී. එයින් බුද්ධාගම ප්‍රමුඛ වේ. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම ප්‍රගුණ කළ රට ලෙස ශ්‍රී ලංකාව සැලකෙන අතර 1960 වැනි අතීතයක ලොව ප්‍රථම අගමැතිනිය බිහි කිරිම ගැන ද උදම් අනයි.

1948න් පසුව නිදහස ලැබූ මෙම රටේ මිලියන 22ක ජනතාවක් සිටී. එම ජනතාවෙන් බහුතරය අවුරුදු 40ට අඩු වයස් මට්ටමක සිටී. නමුත් ඉතා වේගයෙන් වයසට පත්වීමේ ජනතාවක් සිටින අතර එයින් ආසියානු කලාපයේ චීනයට, තායිලන්තයට, දකුණු කොරියාවට හා ජපානයට පසුව සිටින්නේ ලංකාවයි.

ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ 92%ක් වැනි ඉහළ ජාතික සාක්ෂරතාවයක් පවතින අතර 98%ක සාක්ෂරතා ප්‍රතිශතයක් තරුණ කොටස්වලට පවතී. එසේ නමුත් ත්‍රෘතියික අධ්‍යාපනයට ප්‍රවේශ වීම දුෂ්කර තත්ත්වයක පවතී. 5.1%ක ත්‍රෘතියික අධ්‍යාපනයක් පවතිනුයේ රජයේ විශ්වවිද්‍යාලවල සීමාසහිත ඉඩකඩ නිසාය. පරිත්‍යාගශීලිත්වය පිළිබඳ ලෝක දර්ශකය (World Giving Index) ශ්‍රී ලංකාව 8වෙනි තැන හිමි කරගෙන සිටිනුයේ සංවර්ධනය නොවු රටක් වුවත් ජනතාව දන්දීමේ ආධාර ලබාදීමේ කටයුතුවල සෑමවිටම නිරතවන නිසාය. ආර්ථික මෙන්ම තවත් විවිධ ක්ෂේත්‍රයන් තුළ රට ක්‍රියාකරන ආකාරය අවධානය යොමු කිරීමද වටී.

එසේ නමුත් රට තුළ සෞඛ්‍ය පහසුකම්, උසස් අධ්‍යාපනයට ප්‍රවේශවිමට ඇති බාධක, දරිද්‍රතාවය වැනි සමාජ ගැටලු සඳහා නිසියාකාර පිළියම් යොදවා නොමැත.

මෙම හේතුව මත ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ජාලයක්වන‍ නිව්ස්ෆස්ට් ආයතනය මෙම ගැටලු ගැඹුරින් අධීක්ෂණය කිරීමට 2013දී ගම්මැද්ද නමැති ප්‍රජාසත්කාරක ඒකකය පිහිටුවන ලදී. ගම්මැද්ද යනුවෙන් හඳුන්වනුයේ ගම-මැද යන්නයි. ඉන් අනතුරුව රජයේ විශ්වවිද්‍යාලයක් සමග අත්වැල් බැඳ ගනිමින් 2016, 2017 සහ 2018 යන වසර තුළ ගෙයින් ගෙට ගොස් ජනතා ගැටලු සොයා බලමින් සමීක්ෂණ පැවැත්විය.

2016 ස්ථාන්බුල්හිදී පැවති ලෝක මානුෂීය සමුළුවේදී ගම්මැද්ද ගෙයින් ගෙට තොරතුරු එකතු කිරීමේ ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගැනීමට ලක්විය.

නමුත් ගම්මැද්ද වැඩසටහන හුදෙක් තොරතුරු එකතු කිරීමේ කාර්යට පමණක් සීමා නොවුණු අතර පසුකාලීනව මෙම ප්‍රයත්නය “තොරතුරු පදනම් කර පිළියම් යෙදීම” මූලික කර ගනිමින් ගැටලු සඳහා පිළිතුරු සෙවීම ආරම්භ කරන ලදී.

නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති ජාලය තුළ සිටින තරුණ කොටස් උපයෝගි කර ගනිමින් හඳුනාගත් ගැටලු සඳහා සිය ගණනින් සමාජ සත්කාරක ව්‍යාපෘති දින 100ක කාල රාමුවක් තුළ ගම්වැසියන්ගේ හා තවත් තරුණ කොටස්වල සහයෝගය ඇතිව හැකි පමණ ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට කාර්යක්ෂමව ක්‍රියා කෙරිණි. කාගේත් පුදුමයට පාත්‍ර වෙමින් සෑම ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක්ම සාර්ථකව නිම කිරීමට ගම්මැද්ද කණ්ඩායම සමත් විය.

ගම්මැද්ද වැඩසටහනේ දින 100 දෙවන අභියෝගය ව්‍යාපෘති 1000ක් සමග දියත් කෙරිණි.

ප්‍රවෘත්ති ජාලය මෙන්ම සමාජ කොටස් සමග සම්බන්ධකම් ගොඩ නගාගත් අනිකුත් හවුල්කරුවන් එකතු කරගනිමින් තාක්ෂණයේ දියුණුව ද යොදා ගනිමින් ගම්මැද්ද වැඩසටහනට කෙටි කාලයකින් සාර්ථකත්වයට ළඟා වීමට හැකිවිය.

මෙම සාර්ථකත්වයේ ප්‍රධානතම අංගයක් වන්නේ, සැනෙකින් අන්තර්ජාලය මගින් (Online) ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි තරුණ තරුණියන් එකතු කර පිහිටුවනු ලැබූ ගම්මැද්ද V-Force ස්වෙච්ඡා බලකායයි. ‘සොයා බැලීමට ඇති ධෛර්යවන්ත බව’ (The courage to care) ඔවුන්ගේ ආදර්ශ පාඨය වේ.

ජපානයේ පවතින ගැටලු සඳහා පිළියම් යෙදීමට පුද්ගලික අංශය, මාධ්‍ය, විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන හා නගර සභා (ජනගහනය හීනවීමේ ගැටලුවට මුහුණපා තිබෙන) සමග මෙවැනි ජාතික මට්ටමේ සහයෝගිතාවයක් ගොඩනගා ගැනීම ජපානයට ඉතා යෝග්‍ය වන බව මගේ මතයයි. මාහටම ජපානයේ පවතින ඇතැම් ගැටලු සඳහා පිලියම් යෙදීමට කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති 1000ක් යෝජනා කළ හැකිය. බොහෝ පිරිසක් වර්තමාන තරුණ කොටස් මෙම ගැටලු පිළිබඳව සැළකිල්ලට නොගන්නවා යැයි සිතුවද වාසනාවකට මෙන් ඇතැම් ජපාන තරුණ තරුණියන් මෙම ගැටලුවලට පිළියම් සෙවීමට උනන්දුවක් දක්වයි. මෙම තරුණ කොටස්වල ජවය, කැමැත්ත හා දැනුම මේ සඳහා යොදා ගැනෙවියැයි මම බලාපොරොත්තු වෙමි.

විශේෂයෙන්ම ජපානයේ ඔලිම්පික් පැවැත්වීමට ප්‍රථමයෙන් ටෝකියෝහි විදී, උමං මාර්ග, දුම්රිය ස්ථාන පිරිසිදු කිරීම හා තවත් කටයුතු සඳහා සියලුදෙනා යොදවා ගැනීම මහඟු කාර්යයක් වනවා නොඅනුමානයි. වර්තමානයේදි ජපානයේ ඇති සහෝදර නගර 3ක් පමණක් ශ්‍රී ලංකාව සමග සම්බන්ධකම් පවත්වයි. අනිකුත් නගරත් ශ්‍රී ලංකාව සමග සම්බන්ධකම් පැවැත්වුවානම් ඔවුන්ට ද ගම්මැද්ද පිළිබඳව දැන ගැනීමට ලැබී ප්‍රජාසත්කාරක වැඩසටහන් ආරම්භ කිරීමට හැකියාව පවතී. මම ගමන් කරන ජපන් නගර හා ගම්වලදී සහෝදර නගර (Sister City) සම්බන්ධකම් ඇති කර ගැනීමට උනන්දු කරන අතරම ජපානයේ රාජ්‍යතන්ත්‍රයේ කොටසක් ලෙස මෙවැනි සම්බන්ධකම් පුළුල් කිරීම පිළිබඳව වාර්තා කරන මෙන් ඉල්ලා සිටින්නෙමි. මෙම ප්‍රජාසත්කාර වැඩසටහන් මේ ආකාරයේ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උරදෙයි.

ජපානය සහ සෙසු රටවල් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් ජනතාව මුහුණපාන පොදු ගැටලු විසඳීම සඳහා යොදන ප්‍රයත්නය ආදර්ශයට ගනීවියැයි මම බලපොරොත්තු වෙමි. එසේ කිරීම මගින් ත්‍රස්ත ප්‍රහාරවලට ලක්ව පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව සමග සබඳතා ඇතිකර ගැනිමටත් ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දීමෙන් අපටද බලාපොරොත්තුවක් ලබාගත හැක.

ගම්මැද්ද ගැන තව දුරටත් තොරතුරු ලබා ගැනීම සඳහා පිවිසෙන්න www.gammadda.lk වෙබ් අඩවිය වෙතට. එසේ නැතහොත් ශ්‍රී ලංකාව සමග සහෝදර සහයෝගීතාවයක් ගොඩනගා ගැනීම වඩාත් යෝග්‍ය වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]