by Staff writer 20-05-2019 | 5:23 PM
COLOMBO (News 1st) - ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර හිමිවී ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, සැකකරුව මාස තුනක් රඳවා තබා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබාදුන් බව ය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ සුචිගත කිරීමේ රාජකාරියේ නිරතව සිටි මහනුවර පදිංචි අවුරුදු 45 ක් පමණ වයසැති මුස්ලිම් ජාතිකයෙකි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඒ බව සනාථ කළේ ය.