by Staff writer 20-05-2019 | 8:25 AM
COLOMBO (News 1st) : දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසලදී හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වෑන් රථයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 2ක් සිය භාරයට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිවල, කරන්දෙණිය සහ හක්මන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
මේ අතර අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසලදී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 700 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.
මොරගහහේන කහටපිටිය ප්‍රදේශයේදී හොරායින් ග්‍රැම් 2 යි මිලිග්‍රෑම් 10 ක් සමග 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.