පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයා ගැනේ

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් මදුනාගලින් සොයා ගැනේ

by Staff writer 20-05-2019 | 8:32 AM
COLOMBO (News 1st) : සූරියවැව, මදුනාගල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයා ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඒ අතර කාකි කමිස 9 ක් හා කලිසම් 3 ක් වන බවයි. මේ අතර ඊයේ කරාපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.