ත්‍රිකුණාමලයේදී ධීවරයෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 20-05-2019 | 5:10 PM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, එරක්කන්ඩි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, ඔහු සන්තකයේ තිබී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 33 ක් ද සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි. මෙවැනි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම හේතුවෙන් මත්ස්‍ය අභිජනන පරිසර පද්ධතිය, ඉතා කුඩා මත්ස්‍යයින්, ජලජ ජීවින් හා ජලජ පැලෑටි ද විනාශ වන බැවින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුළ සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධි ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ය.