by Staff writer 20-05-2019 | 3:42 PM
COLOMBO (News 1st) - ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ මිලිමීටර් 75 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි බවයි.