21 ප්‍රහාරයේ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 89 කගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

by Staff writer 20-05-2019 | 6:29 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 89 දෙනෙකුගෙන් මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි.

ඉන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ ද 20 ක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ ද තබාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ ආරක්ෂක මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා දින 90 ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබේ.