හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

20 May, 2019 | 8:25 am

COLOMBO (News 1st) : දක්ෂිණ අධීවේගී මාර්ගයේ ගොඩගම පිවිසුම අසලදී හෙරොයින් සහ මත්පෙති සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වෑන් රථයක ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 2ක් සිය භාරයට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙහිවල, කරන්දෙණිය සහ හක්මන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

මේ අතර අනුරාධපුර නව බස් නැවතුම්පොළ අසලදී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 700 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.

මොරගහහේන කහටපිටිය ප්‍රදේශයේදී හොරායින් ග්‍රැම් 2 යි මිලිග්‍රෑම් 10 ක් සමග 52 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]