ලාංකික ධීවරයින් 5ක් පකිස්ථාන අත්අඩංගුවේ

ලාංකික ධීවරයින් 5ක් පකිස්ථාන අත්අඩංගුවේ

ලාංකික ධීවරයින් 5ක් පකිස්ථාන අත්අඩංගුවේ

කර්තෘ Staff writer

20 May, 2019 | 8:18 am

COLOMBO (News1st) : ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉකුත් 26 වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය රන්මැණිකා යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනෙකි.

පාකිස්ථාන මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය.

මිරිස්ස ධීවර වරායෙන් මෙලෙස මුහුදු ගොස් තිබුණේ, අමිල සම්පත් , පැතුම් උෂේන් , මාලන් ප්‍රියංකර , එස්.එච්.අමිල තුෂාර ,හා එච්.එච්.සමිත කුමාර යන ධීවරයින් පස් දෙනායි

ඔවුන් මැයි මස 05 වන දා තවත් බහුධින ධීවර යාත්‍රාවකට පණිවිඩයක් ලබා දෙමින් පවසා ඇත්තේ කිසියම් විදෙස් රටක නාවික හමුදා නිලධාරින් පිරිසක් විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබ සිටින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]