by Staff writer 19-05-2019 | 9:00 PM
COLOMBO (News 1st) : කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බව එහි සඳහන් ය.
අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බව ද එහි දැක්වේ.
එබැවින් එම තත්ත්වය තවත් ඉදිරියට ගෙන යමින් දෛනික කටයුතු හා දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නොපැකිලව සිදුකරන ලෙස ඉල්ලා සිටින බව ද කතානායකවරයාගේ නිවේදනයේ සඳහන් ය.