සබරගමුවේ අධ්‍යන කටයුතු අනිද්දා සිට යළි ඇරඹේ

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු අනිද්දා (21) සිට යළි ඇරඹේ

by Staff writer 19-05-2019 | 3:42 PM
COLOMBO (News 1st) : පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ සරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා යළි ආරම්භ කරන බව එහි පාලනාධිකාරිය දැනුම් දෙයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේකඛාධිකාරි වී.ඩි. කිත්සිරි මහතා පැවසුවේ , නේවාසිකාගාර හිමි සිසු සිසුවියන් හෙට උදෑසන 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය යුතු බවයි. තම අනන්‍යතාව තහවුරු කිරීමට විශ්වවිද්‍යාල හැඳුනුම් පත හෝ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන පැමිණෙන ලෙස ලේඛකාධිකාරීවරයා සිසුන්ට දැනුම් දී සිටී. ආරක්ෂක හේතුන් මත නියමිත දිනට පෙර සිසුන් පැමිණීමෙන් වළකින ලෙස ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්දෙයි.