මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

by Staff writer 19-05-2019 | 11:44 AM

COLOMBO (News 1st) - මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි 13 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය, තලවකැලේ පිහිටි තේ පර්යේෂණ ආයතනය, මිහින්තලේ පිහිටි රජරට විශ්වවිද්‍යාලය සහ පෞද්ගලික ආයතන 10කට අයත් වෙබ් අඩවිවලට අදාළ සයිබර් ප්‍රහාරය එල්ල වී ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ ය. අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ටෙක්සර්ට් ආයතතනය හා ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය විමර්ශන සිදු කරයි. ටෙක්සර්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප ලත්සර මහතා සඳහන් කළේ, මේ වනවිට බොහෝ වෙබ් අඩවි යථාතත්ත්වයට පත්කර ඇති බවයි. පහසුවෙන් ප්‍රහාරයට ලක් කළ හැකි, සයිබර් ආරක්ෂාව අවම වෙබ් අඩවි කිහිපයකට ඔවුන් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ද සඳහන් ය. ටෙක්සර්ට් ආයතනය දැනුම් දෙන්නේ සියලුම වෙබ් අඩවිවලට තම ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. https://www.youtube.com/watch?v=ZSpkp9Rcwio