by Staff writer 19-05-2019 | 7:29 PM
COLOMBO (News 1st) : පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මදුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අද මිනුවන්ගොඩ පොලීසියේ පෙනී සිටින ලෙස පණිවුඩයක් යවා ඇතත් ඔහු නොපැමිණි බව පොලීසිය පවසයි.
ඉකුත් 13 වන දා රාත්‍රියේ මිනුවන්ගොඩදී කළහකාරී සිද්ධිය වන අවස්ථාවේ එහි රැඳී සිටීමේ චෝදනාව සම්බන්ධයෙන් අද ඔහු පොලීසියට කැඳවා තිබිණ.
අදාළ පොලිස් පණිවුඩය රැගෙන මදුමාධව අරවින්ද මහතා පදිංචි රාගම මහබාගේ නිවසට ගිය බවත්, ඔහු නිවසේ නොසිටි හෙයින් අදාළ පණිවුඩය මවට දැනුම් දුන් බවත් මහබාගේ පොලීසිය මිනුවන්ගොඩ පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහා නීති උපදෙස් පතා ඇති බවයි.