නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවන් 500ක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවන් 500ක් අත්අඩංගුවට

by Staff writer 19-05-2019 | 6:30 PM
COLOMBO (News 1st): වෙසක් සමය නිමිත්තෙන් දීප ව්‍යාප්ත සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 500 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය 17 වන දින සිට මේ දක්වා කාළය තුළ සිදුකළ වැටලීම්වලින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි. එහිදී රුපියල් දස ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන්, ස්ප්‍රිතු, ගෝඩා සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ ද සිය භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මීට අමතරව වෙසක් පොහෝ දින මත්පැන් අලෙවියේ යෙදී සිටි කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් මුද්‍රා තැබීමට ද, පියවර ගෙන තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉදිරියටත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක අතර 011 204 50 77 හා 011 219 21 92 යන දුරකථන අංකවලට හෝ 011 287 78 82 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිළි ඉදිරිපත් කළ හැකි බවයි.