ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද යි

නරේන්ද්‍ර මෝදිගේ ඉරණම තීන්දු කෙරෙන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද යි

by Staff writer 19-05-2019 | 7:40 AM

News 1st - ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

ඒ, ප්‍රාන්ත 13 ක් කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව පන්ජාබ්, උත්තර ප්‍රදේශ්, බටහිර බැංගලෝරය, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල්, ජාර්ඛන්ද් සහ චන්දිගර් යන ප්‍රාන්තවල මැතිවරණ ආසන 59 ක අද ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගණන 918 කි. අද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණයට ඉදිරිපත්ව සිටින වරනාසී ආසනයේ ඡන්ද විමසීම ද අද පැවැත්වීම විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයට තරග කරන්නේ සිය දෙවැනි ධූර කාලය වෙනුවෙනි. කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදීයා ලෙස මහ මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටි. කෙසේ වෙතත් මෝදි ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති පසුබිමක පැවැත්වෙන මැතිවරණයේ වැඩි වාසි රාහුල් ගාන්ධිට හිමිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. කෝටි 900 ඉක්ම වූ පිරිසකගේ ජනතා පරමාධිපත්‍යයෙන් තේරීපත්වන ඉන්දීයාවේ ඊළඟ හිමිකරුවා කවුරුන්දැයි එරට මැතිවරණ කොමිසම ලබන 23 වැනි දා නිවේදනය කරනු ඇති.