දිස්ත්‍රික්ක 07 කට දැඩි උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික්ක 07 කට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක්

by Staff writer 19-05-2019 | 6:49 AM

COLOMBO (News 1st) - පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්ක 07 කට අද දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකියි. ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල ජලය වැඩිපුර පානය කිරීම මෙන්ම අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීම මෙන්ම සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.