ක්‍රීඩා ඉසව්වකදී හොලිවුඩ් නළු ආර්නෝල්ඩ්ට පා පහරක්

ක්‍රීඩා ඉසව්වකදී හොලිවුඩ් නළු ආර්නෝල්ඩ්ට පා පහරක්

by Staff writer 19-05-2019 | 9:54 PM
ජනප්‍රිය හොලිවුඩ් නළු, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර්ට පුද්ගලයෙකු පහර දී තිබේ. ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී සිටියදීයි. පිරිසක් සමඟ කතාබහක නිරතව සිටින අතරතුර පිටුපසින් පැමිණි අයෙකු ඔහුට පා පහරක් එල්ල කරන දර්ශන ඇතුළත් වීඩියෝවක් ද අන්තර්ජාලයට මුදාහැර තිබේ. අනතුරුව ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා ඉවතට රැගෙන යන අයුරු ද දැක්වේ. එම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. https://twitter.com/i/status/1129754948948975616