ලොකු ළූණු බද්ද රුපියල් 20කින් ඉහළ දැමේ

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ දැමේ

by Sagarika Chathumali 19-05-2019 | 6:27 PM
COLOMBO (News 1st) : ආනයනික ලොකු ළූණු සඳහා වන බද්ද රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.