දක්ෂිණ අධිවේගියේ සිදු වූ වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට: තව ත් 8 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගියේ සිදු වූ වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට: තව ත් 8 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගියේ සිදු වූ වෑන් රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට: තව ත් 8 දෙනෙකුට තුවාල

කර්තෘ Staff writer

19 May, 2019 | 9:08 am

COLOMBO (News 1st) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර් 58 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගොඩගම සිට කඩවත දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරියක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 04 කි.

මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි වෑන් රථයේ රියැදුරුයි.

ඔහු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

මේ අතර කරන්දෙණිය ඇරැව්වල පාලම අසළ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තව ත් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදි දෙකක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙකි.

කටුනායක, සරත් මාවත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක යතුරුපැදියක් ගැටීමෙන් 76 හැවිරිදි යතුරුපැදිකරු මිය ගිය බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]