සාමයේ දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් උළෙල හෙට

සාමයේ දසවර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් උළෙල හෙට

by Staff writer 18-05-2019 | 9:52 AM

COLOMBO (News 1st) - තිස් වසරකට ආසන්න කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම මගින් මුලිනුපුටා දමා අදට වසර 10 ක් සපිරේ.

ඒ වෙනුවෙන් සාමයේ දසවර්ෂාභිෂේක සැමරුම් උළෙල හෙට පැවැත්වීමට නියමිත වේ. ආරක්ෂක අමාත්‍යංශය, සියලු මහජනතාව වෙත දැනුම් දෙන්නේ ඒ අනුව හෙට රාත්‍රී 7.00 ට ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන මෙන්ම සියලුම නිවෙස්වල සාමයේ පහනක් දල්වා ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත කැප කළ වීරෝධාර රණවිරුවන් ස්මරණය කරන ලෙසයි.