ශ්‍රී ලාංකික ධීවරයින් 6ක් පකිස්ථානයේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රාවක් පකිස්ථාන ආරක්ෂක අංශ භාරයට

by Staff writer 18-05-2019 | 5:39 PM
(News 1st) - නීති විරෝධීව පකිස්ථාන මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු රැගත් යාත්‍රාවක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, පකිස්ථාන රජය එය නිල වශයෙන් මෙරටට දැනුම් දී ඇති බව ය. 'රන් මැණිකා අංක 3' දරණ එම යාත්‍රාව පසුගිය මාසයේ මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබේ. පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, පකිස්ථානයේදී මෙරට ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනුණු ප්‍රථම අවස්ථාව මෙය වන බව ය.