වෙසක් උත්සවය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි

වෙසක් උත්සවය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි - යුද හමුදාපතිගෙන් සහතිකයක්

by Staff writer 18-05-2019 | 8:18 AM

COLOMBO (News 1st) - වෙසක් උත්සවය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, කෙසේ වෙතත් මේ වන වට රට තුළ සාමකාමී වාතාවරණයක් පවතින බවයි. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සාමය ස්ථාපිතවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.