UPDATE: පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු මන්ත්‍රී දයාසිරි DIG කාර්යාලයෙන් පිටව යයි

by Staff writer 18-05-2019 | 12:22 PM

COLOMBO (News 1st)

UPDATE: පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ. ඔහු අද පොලීසියට කැඳවා තිබුණේ, පසුගිය දිනවල කුලියාපිටිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන්වලට අදාළව ය. අද පෙරවරු 9.30ට පමණ ප්‍රකාශය ලබා දීම සඳහා ඔහු කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

--------------------------------------------------------------------------------------------------------------------

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය දිනවල කුලියාපිටිය ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන්වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්ත්‍රීවරයාව එලෙස කැඳවා ඇති බවයි. මේ වන විට ඔහුගේ ප්‍රකාශය සටහන් කරගනිමින් ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.