by Staff writer 18-05-2019 | 4:02 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 132 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, පසුගිය පළමු වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ හෙරොයින් සම්බන්ධ වැටලීම් 46ක්, ගංජා සම්බන්ධයෙන් 82ක්, නීති විරෝධී ස්ප්‍රීතු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීම් 03ක් හා බදු ගෙවීම පැහැර හැර සිගරට් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැටලීමක් ද කළ බව ය.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 132 දෙනා අතුරින් 3 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 475,000ක දඩ මුදල් මත මුදා හැර ඇති බව ය.