by Staff writer 18-05-2019 | 12:14 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.
යුද හමුදාව සඳහන් කළේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාධිපතිතුමාගේ නිර්දේශය මත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයටත් නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස් කර ඇති බවයි.
නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනා පසුගිය මාර්තු මස 27 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත.
එමෙන්ම, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු පසුගිය මාර්තු මස 21 වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇතැයි යුද හමුදාව සඳහන් කළේ ය.