ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම ඇරඹේ

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම ඇරඹේ

by Staff writer 18-05-2019 | 10:40 AM

News 1st  - ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 16.4 කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාලක ලිබරල් පක්ෂය නියෝජනය කරමින් යළිත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරිපත්වි ඇති බවයි. ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වදින්නේ විපක්ෂ නායක බිල් ෂොටර්න් ය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 ක් සඳහා මෙවර මහ මැතිවරණයෙන් සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිතයි. පසුගිය කාල සීමාවේ ඕස්ට්‍රෙලියාවට බලපැ දැඩි නියං තත්ත්වය අනපේක්ෂිත ලැව් ගිනි ඇතුළු ‍කාලගුණික බලපෑම් මෙවර මැතිවරණ ප්‍රතිඵලයට තිරණාත්මක බලපැමක් කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.